මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (02) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 187ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,162 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයින් 187 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහසය වන්නේ මහනුවර නගර සීමාව 74, උඩ පළාත 23, ගලහා 21, අකුරණ 16, බඹරදෙණිය 10, හාරිස්පත්තුව 6, කුණ්ඩසාලේ, යටිනුවර හා මැදදුම්බර 5 බැගින්, ගඟවටකෝරළේ, මැණික්හින්න, නාවලපිටිය, පාතදුම්බර, පාතහේවාහැට, උඩුදුම්බර 3 බැගින්, ගලගෙදර හා වෙනත් 02 බැගින්.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාවන මරණ සංඛ්‍යාව 434ක් වන අතර ඊයේ (2) ගෙවුණු පැය 24 ක කාලය තුළ එක් මරණයක් වාර්තා වූහ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්