මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ප්‍රදේශයේ කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (11) පැවැත්විණි.
විදේශ කටයුතු අමාත්‍යංශයට අනුබද්ධ කොන්සියුලර් ශාඛාවන් දැනට යාපනය හා මාතර නගරවල ස්ථාපිත කර ඇති නමුත් මහනුවර නගරයේ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කළ අතර, ආණ්ඩුකාරවරයා විදේශ සේවයේ නියුතුව සිටි අයෙකු ලෙස මෙය අවශ්‍යතාවයක් ලෙස හදුනාගත් බවත් මෙය කඩිනමින් විවෘත කිරීමට අවශ්‍ය සහාය මධ්‍යම පළාත් සභාව වශයෙන් ලබා දෙන බවත් , එමඟින් මෙම කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ජනතාවට ලැබෙන සේවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා,විදේශ කටයුතු අමාත්‍යංශ අතිරේක ලේකම් හපන්ගම මහතා,විදේශ කටයුතු අමාත්‍යංශ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්වනාත් අපොන්සු මහතා,මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නවරත්න මහතා,ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් එස්.බි. රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගි විය .