මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව15,564ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (07) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 41ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,564 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම නව ආසාදිතයින් 41 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දොළහ වන්නේ මහනුවර නගර සීමාව 14, මැණික්හින්න හා පස්බාගේ 5 බැගින්, පාතදුම්බර 4, අකුරණ, හාරිස්පත්තුව, පන්විල, පාතහේවාහැට 3 බැගින්, ගඟවටකෝරළේ 2, බඹරදෙණිය, ගලහ, හතරලියද්ද, 1 බැගිනි. ඊයේ ගෙවුණු පැය 24 ක කාලය තුළ නව මරණ සංඛ්‍යාව 06ක් වන අතර මේ දක්වා වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 463 කි.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්