මහනුවර ජාතික රෝහලේ සුළු සේවකයන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (06දා) දින වැඩවර්ජනයක යෙදුන අතර ඔවුන්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා යුද හමුදාව යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණි .
රෝගීන් එහා මෙහා ගෙන යාම, ෆයිල් ගෙනයාම, පිරිසිදු කටයුතු ඇතුළු එම සුළු සේවකයන්ගේ සියලු රාජකාරි කටයුතු යුධ හමුදා නිලධාරීන් විසින් සිදු කරන ආකාරය දක්නට ලැබුණි.
රෝහල් ප්‍රකාශකයෙකු පවසා සිටියේ මහනුවර සිංහ රෙජිමේන්තුව රෙජිමේන්තුවේ නිලධාරීන් 25 දෙනකු මේ ආකාරයට සුළු සේවකයන්ගේ රාජකාරී කටයුතු ආවරණය කළ බවයි .
තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති රෝහල් ප්‍රකාශකයකු පවසා සිටියේ කෝවිඩ් වෛරස දැඩි අවදානමක් ඇති මහනුවර ජාතික රෝහලේ මේ ආකාරයට මේ ආකාරයට යුද හමුදා නිලධාරීන් පැමිණ විවිධ කටයුතු වල නියැලී ආපසු යුධ හමුදා කඳවුරට යාම භයානක තත්ත්වයක් බවයිි. යම් ආකාරයකට මෙහි එක් සොල්දාදුවෙකුට හෝ වෛරසය ආසාදනය වුවහොත් ඇතිවිය ඇති විය හැකි තත්ත්වය ඉතාම භයානක බව ද ඔහු පැවසීය .
ෂේන් සෙනෙවිරත්න