මහනුවර මහනගර සභාවේ ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයක වරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු නාගරික ලේකම්වරිය ඇතුළු එම කාර්යාලයේ සේවකයන් 40 දෙනකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසීය .
කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ නගර සභාවේ වෙනත් කිසිදු අංශයක් ඒ හේතුවෙන් වසා දමා නොමැති බවත් නාගරික ජනතාවට නගර සභාවෙන් ලබාගත හැකි සේවාවන් සුපුරුදු පරිදි ලබා ගත හැකි බවයි . නගර සභා ලේකම් කාර්යාලය සාමාන්‍ය ජනතාව සමග එතරම් මුසු නොවන කාර්යාලයක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .
ෂේන් සෙනෙවිරත්න