මහනුවර තලාතුඔයෙන් හමුවූ කෝවිඩ් 19 අසාදිත පුද්ගලයා මහනුවර මධ්‍යම වෙළෙඳ පොලේ ගැවසීම නිසා ඊයේ (05දා) දින දක්වා වසා තැබූ මධ්‍යම පොදු වෙළෙද පොල අද දින (06දා) විවෘත කෙරිණි.
මහනුවර මධ්‍යම වෙළෙඳපොළ විෂබීජාණුහරණය කරන තෙක් වසා තිබූ අතර ඊයේ වන තෙක් එයට ඇතුල් වීම තහනම් කර ආරක්ෂාව සපයා තිබිණි.
අද දින පාරිභෝගියින් සඳහා වෙළඳපළ විවෘත කළත් බොහොමයක් වෙළඳ ආයතන වසා තිබිණි.
එසේම පසුගිය අප්‍රේල් මස 22 දින පෙරවරුවේ මහනුවර මධ්‍යම වෙළඳපළ වෙත පැමිණියේ නම් උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟ පතේ අමාරුව ඇතුලු ලක්ෂණ ඇත්නම් ඔවුන් මහනුවර මහ රොහලේ 0812244810/0812244811/0812244812 යන අංකවෙත ඇමතුමක් දී උපදෙස් ලබා ගන්නා ලෙස මහනුවර නගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිවේදනය කර සිටියි.
ආර්.ඒම්. ප්‍රදීප්