2020.11.18 වන දින මහනුවර දිස්ත්‍රික්කයේ අලුත්වත්ත, අඹකොටේ, දිගන, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවලට වාර්තා වූ භූ කම්පනයට අදාළ වාර්තාව එම විද්වත් කමිටුව විසින් පරිසර අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.
මෙම භූ කම්පනය සම්බන්ධව විද්‍යාත්මක විමර්ශනයක් සිදු කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාට උපදෙස් ලබාදෙනු ලැබීය.
ඒ අනුව ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන, ජ්‍යේෂ්ඨ භූ විද්‍යඥ මහින්ද සෙනෙවිරත්න, භූ විද්‍යාඥ මහසෙන් වික්‍රමරත්න, භූ කම්පන විද්‍යාඥ ජයනාත් හේරත්, භූ කම්පන විද්‍යාඥ උත්පලා රත්නායක, පුහුණු වන භූ කම්පන විද්‍යාඥ සචින්තා වීරනායක යන නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධව විමර්ශනය කරන ලද අතර එහි වාර්තාව අද දින (2020.11.24) පෙරවරුවේ අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය. එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී විය.
එම වාර්තාවට අනුව මෙම ප්‍රදේශයේ හුණුගල් බහුල වුවත් හුණුගල් කැණීම නිසාම මෙම කම්පන සිදු වේ යැයි ප්‍රකාශ කිරීමට නොහැකි නමුත් මේ සම්බන්ධව ඉදිරිපත් වන අදහස් හා යෝජනා නොසළකා නොහරිමින් වැඩිදුරටත් විද්‍යාත්මක ගවේශන සිදු කළ යුතු බව දක්වා ඇත.
විද්වත් කමිටුව විසින් එම ප්‍රදේශයේ ජලාශ හා මහජනතාවගේ ආරක්ෂාව උදෙසා වහා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ කිහිපයක් පහත පරිදි ඉදිරිපත් කර ඇත.
- කෙටි කාලයක් තුළ එකම කලාපය තුළ භූ කම්පන කිහිපයක් සිදු වී ඇති බැවින් අඛණ්ඩව දිගු කාලීන අධීක්ෂණ වැඩසටහනක් කඩිනමින් ස්ථාපිත කළ යුතුය. එවැනි වැඩසටහනක යෝජනාවක් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත. එබැවින් එම වාර්තාවෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශ හා යෝජනා ඉක්මන් කෙටි කාල සීමාවක් තුළ ස්ථාපිත කිරීම.
- මෙම සිදුවීමෙන් පසු නිවාස වල ව්‍යුහාත්මක ඉරිතැලීම් දක්නට ලැබීම හා පු†ල් වීම පිළිබඳව වාර්තා වී ඇත්තේ ඉතා ස්වල්පයක් පමණි. මින් පෙර නිර්දේශ කර ඇති පරිදි, ප්ධාන වශයෙන් අලුත්වත්ත ප්‍රදේශයේ ඩොලමයිට් පතල් කැණීම හා සම්බන්ධ ව්‍යුහාත්මක ඉරි තැලීම් අධීක්ෂණ ක්‍රියාවලිය විස්තර කර ඇති අතර මේ සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට ලබාදුන් අවසාන වාර්තාවේ දක්වා ඇති නිර්දේශය ද සැළකිල්ලට ගත යුතුය.
- ප්‍රදේශයේ තෝරාගත් පුද්ගලයින්ට, ප්‍රධාන වශයෙන් සිසුන්ට වාර්තාවන සිදුවීම් වාර්තාගත කිරීම සඳහා ආකෘතියක් ලබාදීම. ක්‍රියාවලිය පිළිබඳව සිසුන්ට දුරස්ථ පුහුණුවක් වහාම ලබාදීම.
- සවිස්තරාත්මක භූ විද්‍යාත්මක / ව්‍යුහාත්මක සිතියමක් සම්පාදනය කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් වහාම බල ගැන්වීම කළ යුතුය. ඉරි තැලීම් සමීක්ෂණයේදී කරන ලද නිරීක්ෂණ අවශ්‍ය භූ විද්‍යාත්මක යෙදවුම් සමඟ නැවත ඇගයීම සඳහා මෙම සමීක්ෂණය දීර්ඝ කෙරේ.
- ප්‍රදේශයකට සිදු විය හැකි තර්ජනය පිළිබඳව නිගමනවලට එළඹීම සඳහා මෙම සිද්ධියේ මූලාරම්භයේ ගැඹුර තක්සේරු කිරීම වැදගත් වේ. එබැවින් මෙම පරමාර්ථය සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය බාහිර සහාය ලබා ගැනේ. කෙටි කාලීන සංවේදක තාවකාලිකව යෙදවීම නිවැරදි ප්‍රවේශය වන අතර සවිස්තරාත්මක යෝජනාවක් මඟින් වැඩ කටයුතු වේගවත් කිරීමට පියවර ගත යුතුය.
- කාර්යාංශයේ ජාතික දත්ත මධ්‍යස්ථානයට දත්ත සම්බන්ධතාවය ඇතිව විශේෂයෙන් වික්ටෝරියා වේල්ලේ ජලාශ ව්‍යුහයන්හි ත්වරණමාන Accelerometer ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
කෙසේ වුවද වික්ටෝරියා ජලාශයේ පමණක් නොව සියලුම ජලාශවල ආරක්ෂාව උදෙසා පු†ල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත්, දැනට සු† වශයෙන් භූ කම්පන සිදුව ඇති නිසා ප්‍රබල භූ කම්පනයක් සිදු නොවේ යැයි කීමට තමන් අදහස් නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එසේ වුවද පසුගියදා සිදු වූ භූ කම්පනය නිසා වික්ටෝරියා ජලාශයේ වේල්ලට කිසිදු හානිකර තත්ත්වයක් බලපා නැතැයිද විද්වත් වාර්තාව පෙන්වා දී තිබෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.