මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ
දැනට පවතින මහනුවර පේරාදෙණිය දුම්රිය මාර්ගයට සමගාමීව ඉදිකෙරෙන ද්විත්ව දුම්රිය මාර්ගය ආසන්න වශයෙන් කිලෝමීටර් 6.0ක දිගින් යුක්ත වන අතර, මේ වන විට මහනුවර සිට ගැටඹේ දුම්රිය හරස් මාර්ගය දක්වා ඉදිකෙරෙමින් පවතී.
ගමන් කාලය තවදුරටත් අඩු කිරීමේ අරමුණින් ගැටඹේ දුම්රිය හරස් මාර්ගය සහ සරසවි උයන අතර දැනට පවතින දුම්රිය මාර්ගයට සමාන්තරව, වැඩිදියුණු කළ සංඥා පද්ධතියක් සහිත අතිරේක මාර්ගයක් ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන යොදාගනිමින් ඉදිකිරීම සඳහාත් සැතපුම් 00 දම්වැල් 37 ස්ථානයේ මහවැලි ගඟහරහා පාලමක් ඉදිකිරීම සඳහාත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.