මහනුවර මහ නගර සභාවේ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ මන්ත්රී එම්. පී. විග්නේෂ්වරන් මහතා එම මන්ත්රීධූරයෙන් නෙරපා හැරීමට එම පක්ෂ නායකත්වය තීරණය කොට තිබේ .
එම නෙරපා හැරීම පිළිබඳ ලිපිය එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා විසින් මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතා වෙත යොමුකොට තිබේ .
මෙම නෙරපා හැරීමට හේතු වී ඇත්තේ එම පක්ෂයේ කණ්ඩායම් රැස්වීම් වලට සහභාගි නොවීම නිසා බව නෙරපා හැරීමට ලක්වූ මන්ත්රීවරයා කියයි.
මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වේලුකුමාර් මහතා සමග පවතින පෞද්ගලික විරසකයක් ඊට හේතුවී තිබෙන බව ද ඒ මහතා කියයි . කෙසේ නමුත් මෙම නෙරපා හැරීමට එරෙහිව තමන් අභියාචනාධිකරණයට යන බව විග්නේෂ්වරන් මහතා කියයි.
ෂේන් සෙනෙවිරත්න