මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ පුද්ගලයින් 25 දෙනෙකු හමු වූ ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිල ධාරි කොට්ඨාස මට්ටමින් කොවිඩ් 19 වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව මෙලෙස සටහන් වෙයි.
යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ එක් අයෙක්, , උඩදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ එක් අයෙක් , හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ එක් අයෙක් ,ගලහසෞඛ්ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ආසාදිතයින් දෙදෙනෙක්, නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ආසාදිතයින් පහක්, ගම්පොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ එක් ආසාදිතයෙක්, හතරලියද්දසෞඛ්ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ එක් ආසාදිතයෙක්, පූජාපිටියසෞඛ්ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ආසාදිතයින් දෙදෙනෙකු, තලාතුඔයසෞඛ්ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ආසාදිතයින් තුන් දෙනෙකු,අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ආසාදිතයින් හත් දෙනෙකු, සහ මැණික්හින්නසෞඛ්ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ එක් ආසාදිතයෙකු වශයෙන් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වී ඇති අතර එයට අමතරව ගිරාගම පවත්වාගෙන යනු ලබන නීරෝධායන මධ්‍යස්ථානයේ මැද පෙරදිග සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අට දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.
මෙහොමඩ් ආසික්