මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 140 දෙනෙකු අද දිනයේ අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1637 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර දිස්ත්රික්කායේ වැඩිම ආසාදිතයින් මේ වන විට වාර්තා වන්නේ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන් වන වන අතර අද 09වන දිනය වන විට මහනුවර නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 346 ක් වෙයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස අනුව අද09 වන දිනය වන විට ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මේ අයුරිනි. අකුරණ 314 ,බඹරදෙණිය 44 යි,දොළුව 32 යි, ,ගලගෙදර 11 යි., ගලහ 27 යි, , ගම්පොල 130 යි,ගඟඉහළ කෝරළය 19 යි, .හතරලියද්ද නවයයි. ගඟවට කෝරළය 58 යි,, වැරැල්ලගම (හාරිස්පතත්තුව) 45 යි, කුණ්ඩසාලේ 101 යි,, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය 346 යි,, මිනිපේ දෙකයි, මැදදුම්බර 56 යි, නාවලපිටිය හයයි, පාතදුම්බර 136 යි,, පාතහේවාහැට 27 යි, පූජාපිටිය 110 යි, පන්විල දෙකයි, උඩුනුවර, 55 යි මැණික්හින්න 46 යි, යටිනුවර 56ක් ලෙසින් මහනුවර දිස්ත්‍රික්කය තුලින් ආසාදිතයින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර දිස්ත්‍රික්කය තුලින් මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 14 ක්ද වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර මොහොමඩ් ආසික්