මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් ලෙස අලුතින් 59 ක් අද (15) වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1891ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ අතර නව මරණ තුනක් වාර්තාවීමත් සමඟ වාර්තාවන මරණ සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සීමාවෙන් වාර්තා වේ.
ඒ ආසාදිතයින් 384කි. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 340ක්, පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ආසාදිතයින් 168 ක් වාර්තා වේ.
අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් වලින් වාර්තා වන ආසාදිතයින්, ගම්පොල 144, පූජාපිටිය 118, කුණ්ඩසාලේ 108, උඩුනුවර 76, මැදදුම්බර 66, යටිනුවර 64, හාරිස්පත්තුව 63, මැණික්හින්න 58, ගඟවට කෝරළේ 54, බඹරදෙණිය 53, පාතහේවාහැට 30, ගලහ 32, දොළුව 32, ගඟඉහළ කෝරළේ 28, ගලගෙදර 20, හතරලියද්ද 10, නාවලපිටිය 34 , උඩදුම්බර 06, පන්විල 02, මිනිපේ 02 ලෙසින් වාර්තා වේ.
හඳුනාගත් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන හයක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවන අතර එවායේ ආසාදිතයින් 801ක් ප්‍රතිකාර ලබයි. පැය 24 ක කාලය තුළ ඇතුළත් කළ නව ආසාදිතයින් සංඛ්‍යාව 38 ක් වන අතර සුවය ලබා පිටවූ සංඛ්‍යාව 75 කි.
මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට මේ වන විටත් සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර ඇත.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප