මහනුවර දිස්ත්‍රික්කය තුලද ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා දිස්ත්‍රික්කයේ එන්නත් කරණය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
මේ සතිය අවසානයේ සිට එන්නත් කරණය ආරම්භ කිරිමට සූදානම් කර ඇති මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් එක් වූහ.
කුණ්ඩසාලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක විදුහලේ ස්ථාපිත කර ඇති එන්නත් කිරීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණයට ලක් කළ අවස්ථාවයි මේ.
මොහොමඩ් ආසික්