මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 88ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (30) පෙරවරු 10.00 වනවිට 5782 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මෙම නව ආසාදිතයින් 88 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස විස්ස වන්නේ කුණ්ඩසාලේ 19, මැණ්ක්හින්න 14, බඹරදෙණිය 12, මහනුවර නගර සීමාව හා උඩුනුවර 8 බැගින්, ගලහ, ගඟවටකෝරළේ, වත්ගේතම, කඩුගන්නාව 03 බැගින්, මැදදුම්බර 2, දොළුව, ගලගෙදර, ගඟඉහළකෝරළේ, හාරිස්පත්තුව, මිනිපේ, පන්විල, පාතහේවාහැට, උඩදුම්බර 01 බැගිනි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් ඇත
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්