මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2137 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර දිස්ත්රික්කායේ මේ වන විට වැඩිම ආසාදිතයින් පිරිසක් තවමත් වාර්තා වන්නේ මහනුවර මහනගර සභා බල ප්‍රදේශයෙන් වන අතර අද 20 වන දිනය වන විට මහනුවර මහ නගර සභා කොට්ඨසයෙන් වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 501 ක් බවත් සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස අනුව අද 20 වන විට ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මේ අයුරිනි. අකුරණ 343,බඹරදෙණිය 54 යි,දොළුව 37 යි, ,ගලගෙදර 23, ගලහ 34 යි, , ගම්පොල 149 යි,ගඟඉහළ කෝරළය 39 යි, .හතරලියද්ද 12 යි. ගඟවට කෝරළය 59 යි,, වැරැල්ලගම(හාරිස්පතත්තුව) 77 යි, කුණ්ඩසාලේ 111 යි,, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය 501 යි,, මිනිපේ දෙකයි, මැදදුම්බර 74 යි, නාවලපිටිය 37 පාතදුම්බර 187 යි, පාතහේවාහැට 40යි, පූජාපිටිය 170 යි, පන්විල හයයි, උඩුනුවර, 88 යි මැණික්හින්න 63 යි, යටිනුවර 83ක් උඩදුම්බර හතක් ලෙසින් මහනුවර දිස්ත්‍රික්කය තුලින් ආසාදිතයින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර දිස්ත්‍රික්කය තුලින් මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 18 ක් වාර්තා වී ඇති බවද සෞඛය අංශ කියයි.
මොහොමඩ් ආසික්