මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි කොවිඩ් මරණය වාර්තා කරමින් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් පෙරේදා (08) දින මරණයට පත්ව තිබෙන අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව පසුව කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 63 ක කාන්තාවක් වන අතර ඇය මහනුවර ප්‍රධාන පෙළේ පාසලක නිල නිවසයක පදිංචිව සිට ඇති බව පොලීසිය කියයි.
අදාළ කාන්තාව පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර නිවසේ සිටියදී පෙරේදා (08) අසනීප වී තිබෙන අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය මිය ගොස් තිබේ . එම කාන්තාවගේ පි.සි.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබී ඇත්තේ ඇය මරණයට පත්වීමෙන් පසුවය .
එම මරණයත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මෙයට පෙර ගලහා ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මරණයට පත්විය.
ෂේන් සෙනෙවිරත්න