දිවයින පුරා ක්රියාත්මක කරනු ලැබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ හෙට 20 වනදා සිට ධාවනය කිරීමට නියමිත මහනුවර උතුර ඩිපෝවට අයත් බස් රථ විෂබීජහරණය කිරීම අද 20 වනදා සිදු කරනු ලැබූ අතර මෙහිදී බස් රථවල රියැදුරු කොන්දොස්තර මහතුන්ට ආරක්ෂිත මුඛ ආවරණ ලබා දීමද සිදු විය.
පූජාපිටිය ප්රාදේශීය සභා මන්ත්රී දිල්ෂාන් රූපසිංහ මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ රතු තරුව විසින් මෙම ක්රියාවන් සිදු කළ බවයි.