මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේසියලු සේවකයින්අද (03) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී සිටීමටපියවර ගෙන තිබේ .
එම කාර්යාලයේ ඉහළ නිලධාරියකු පවසා සිටියේකොවිඩ් වෛරසය ආසාදනය වී මිය ගිය මුස්ලිම් ජාතිකයකුගේ මළසිරුරක්දැනට සති ගණනාවක සිට අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල ශීතාගාරයේ තැන්පත් කොට තිබෙන බවත් එය ඉවත් කරන ලෙසබලධාරීන් දැනුවත් කළත්මෙතෙක් එය ඉවත් කොට නොමැති බවයි .
ඒ හේතුවෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලයේසේවයේ නියුතු සියලු දෙනාදැඩි සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බවත් ඊට විරෝධය දැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත්ය .
ෂේන් සෙනෙවිරත්න