මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (13) වීදී සංචාරය කරයි.
ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රි 7.18ට දකුණු දිශාභිමුඛව පිටත් වන පෙරහර දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය ඔස්සේ ගමන් කර යළිත් ඩී. එස්. සේනානායක වීදියට අවතීරණ වී රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.
පවතින කොවිඩ් වසංගතය හමුවේ මෙවර ඇසළ මංගල්‍යය ජනතා සහභාගිත්වයෙන් තොරවයි පැවැත්වෙන්නේ.
අද සිට ලබන 17 වැනිදා දක්වා කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරෙ.
ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ලබන 18 වැනිදා ආරම්භ වන අතර, 22 වැනි දිනට යෙදෙන පොහෝ දිනයේ දී අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත යි.
23 වන දින දහවල් දිය කැපීමෙන් දළදා පෙරහර මංගල්‍යය නිමා වනවා.
වීදිවලට රැස්ව පෙරහර නැරඹීමට ජනතාවට අවස්ථාව නැති බැවින් රූපවාහිනි නාලිකා, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ජාතික හා අන්තර්ජාතික වශයෙන් පෙරහර දැක බලා ගැනීමට අවකාශ සලසා තිබෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.