මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,294 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (03) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 127ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,294 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයින් 127 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහසය වන්නේ මහනුවර නගර සීමාව 35 ,හාරිස්පත්තුව 27, අකුරණ 12, ගඟවටකෝරළේ 7, කුණ්ඩසාලේ හා පූජාපිටිය 8 බැගින්, පාතදුම්බර 5, මැදදුම්බර, උඩ පළාත, යටිනුවර 4 බැගින්, මැණික්හින්න 3, බඹරදෙණිය, ගලගෙදර, උඩුනුවර, වෙනත් 2 බැගින්, හතරලියද්ද, උඩුදුම්බර 1 ලෙසිනි
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාවන මරණ සංඛ්‍යාව 434ක් වන අතර ඊයේ (3) ගෙවුණු පැය 24 ක කාලය තුළ එක් මරණයක් වාර්තා වූහ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්