මහ බැංකු සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ තානාපති කාර්යාල රැකවරණය යටතේ සිටින බවට තොරතුරු වාර්තා වන බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
තානාපතිවරයාගේ නිල කාලය අවසන් වී යළි මෙරටට පැමිණීමට නියමිතව තිබුණද, ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
තානාපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කර ඔහු හරහා රැකවරණය ලබාදෙන බවත්, මෙම ප්‍රකාශ අසත්‍ය නම් අගමැතිවරයාට එසේ නොමැති බවට ප්‍රකාශ කලහැකි බවද අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකද සඳහන් කළේය.