ජනබලය කොළඹට විරෝධතාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කොටුව බෝගහ ආසන්නයෙන් එක්වීමට නියමිතය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එම ස්ථානයෙන්ම විරොධතාවට සම්බන්ධවීමට නියමිත බව වාර්තා වෙයි. සංවිධායකයන් විසින් ඒ ඒ දිස්ත්රික්වලින් පැමිණෙන ජනතාව වෙනුවෙන් ඒ ඒ මාර්ග වෙන්කර දී තිබේ.

