හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ඉවත් කර ඔහු එම පක්ෂයේ කලුතර දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කර තිබේ.
පක්ෂ විනයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙසේ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබේ. එළැඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලුතර දිස්ත්‍රික්කය සඳහා වෙනමම තරග කිරීමට තීරණය කර තිබියදී මහින්ද සමරසිංහ මහතා එම තීරණය කඩකමින් කලුතර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට ඉදිරිපත් වීම නිසා මෙසේ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබේ.
මේ අතර ඔහුගෙන් හිස්වන තනතුර සඳහා හිටපු පළාත් සභා අමාත්‍යවරයෙක් වෙන සුමිත් මෙන්ඩිස් මහතා කලුතර දිස්ත්‍රික් නායකත්වයට පත්කර තිබේ.