හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (29දා) අග්රාමාත්ය ලේක්ම් කාර්යාලයේදී වැඩ භාර ගැනීමට නියමිතය. පසුගිය 26 දා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්රාමාත්යවරයා ලෙස පත්කරනු ලැබීය.
මීට පෙරද මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යවරයා ලෙස කටයුතු කර ඇති අතර මෙවර ඔහු පත්වන්නේ ලංකාවේ 22 වැනි අගමැති ලෙසිනි.