Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
අගමැති කවුදැයි කරු නීතිපතිගෙන් අසයි
නීත්‍යානුකූලවම රටේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මතය විමසා තිබේ.
ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරිම සමගින් හා රනිල් වික්‍රමසිංහ මහතා තවමත් තමන් අගමැති බවට ප්‍රකාශ කිරීමත් සමගිනි.
නීතිපතිවරයා මතය විමසීමෙන් අනතුරුව ඔහු දන්වා එවන නීත්‍යානුකූල අගමැතිවරයා පාර්ලිමේන්තුව කැඳවීමට හැකියාව ලැබෙයි.
සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී තිබේ. රටේ ඇතිව තිබෙන වාතාවරණය අනුව මෙම තීරණය ගෙන තිබේ.
ජාතික මැතිවරණයකට යෝජනාවක්
පාර්ලිමේන්තුව රැස්කරන පළමු අවස්ථාවේදීම ජාතික මැතිවරණයකට යෑම සඳහා යෝජනාවක් ගෙන ඒමට නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ජනතාවට තම ඡන්දයෙන් නායකයෙක් පත්කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවයි.
මේ අතර අද පෙරවරු 10ට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
එහිදී නව අමාත්‍ය මණ්ඩලය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
ව්‍යවස්ථාව අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරනවා
ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෑම පාර්ශ්වයක්ම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ඇති බවත් ජිනීවා සම්මුතිය ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ගැසට් නිවේදන දෙකක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමට අදාළවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමටත් අදාළව ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ. ජනපති ලේකම් උදයර ආර් සෙනෙවිරත්න මහතා විසින් මෙම ගැසට් නිවේදන දෙක නිකුත් කර තිබේ.
නාමල් නීතිය පෙන්වයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමත් සමග ව්‍යවස්ථාවේ 48 (1) වැනි වගන්තිය අනුව අග්‍රාමාත්‍යධුරය හිස්වන බවයි.
ඒ අනුව ජනපතිවරයා තමන්ට ඇති බලතල අනුව ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය අනුව නව අගමැතිවරයෙක් පත්කර ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම තීරණයට ගරු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වෙනු ඇතැයි විශ්වාස කරන බව පවසයි.
පොලිස්පති මහින්ද හමුවෙයි
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ. එම අවස්ථාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ඇතුළු පොලීසියේ ඉහළම නිළධාරීන් එක්ව තිබේ.
නීතියට අනුව අපක්ෂපාතීව කටයුතු කරනවා - කථානායක
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රය තුළ ඇතිවූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳව තමන් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
ඒ පිළිබඳව තමන්ගේ දැඩි අවධානය යොමුව ඇති බවත් තම ස්ථාවරය කතානායකවරයා අද දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතය.
එහිදී නීතියට අනුකූලව අපක්ෂපාතීව කටයුතු කරන බව කතානායකවරයා සඳහන් කරයි.
රනිල්ගෙන් ජනපතිට ලිපියක්
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් ඒ හේතුවෙන් ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව තමන් තවදුරටත් අගමැති ලෙස කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ලිපයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දි තිබේ.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකගේ සහාය මහින්දට
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම තීරණයට තමන් සහාය පළ කරන බවත් තමන් මුතුන් මිත්තන් විසින් ආරම්භ කළ පක්ෂය වත්මන් නායකයා විසින් ගැටලුවකට පත් කළ බවත් ඔහු පෙන්වා දෙයි.
සංසුන්ව නිවෙස්වලට වී සිටින්න - JO
ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ලැබුවා වූ ජයග්‍රහණය කඩා කප්පල් කිරීමට ඇතැම් අවස්ථාවාදන් කටයුතු කරන බවත් ඔවුන් ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කරන බවත් එම මන්ත්‍රීවරු සඳහන් කරයි.
යමෙක් මෙය පාරට ගෙන යෑමට කටයුතු කරයි නම් ඒ උත්සාහ කරන්නේ ජනතාව අතර කළබලයක් අති කිරීමට බවත් එවැනි ප්‍රකාශයන් සඳහා නොරැවටෙන ලෙසද එම මන්ත්‍රීවරු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තෙක් අගමැති මමයි
තමන් මේ රටේ අගමැති ලෙස කටයුතු කරන බවත් තමාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"මේ රටේ අගමැති හැටියට මම ඔබ අමතනවා. ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව මම අගමැති ලෙස කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් මට සහාය දෙන බව විශ්වාසභංග යෝජනාව පරාජය කරමින් මම පෙන්වා තිබෙනවා. ඒ බහුතරය මට තාම තියෙනවා.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තාක් කල් මම මේ රටේ අගමැති ලෙස ක්‍රියා කරනවා. වෙන කාටවත් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බෑ. පාර්ලිමේන්තු සම්ප්‍රදායෙත්, ව්‍යවස්ථාව අනුවත් මම අගමැති ලෙස ක්‍රියාකරනවා."
ජාතික රූපවාහිනයේ විකාශය නවතී
මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය අනුව ජාතික රූපවාහිනී සේවයේ විකාශන කටයුතු නවත්වා තිබේ. එම ආයතනයට යහපාලන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ද ගොස් එකිනෙකා අතර මත ගැටුමක්ද ඇතිකරගෙන ඇති බව වාර්තා වෙයි. මේ අතර රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ දුරකනත බොහෝමයක් ක්‍රියාවිරහිත කර ඇති බව වාර්තා වෙයි.
එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහින්දට එක්වෙයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරයි. එසේම ඉදිරියේදී තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙන බව ඔහු ප්‍රකාශ කරයි.
අගමැති ධුරයෙන් ඉවත්කළ බවට ජනපති ලිපියකින් දන්වයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට සඳහන් ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (2) වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බවත් තමන්ට පැවැරී ඇති බලතල අනුව නැවතත් එම ධුරයෙන් ඉවත් කළ බවත් ජනපතිවරයාග් අත්සනින් යුත් ලිපියේ දැක්වෙයි.
සිරිසේන මහත්තයෝ මේ මොන ප්රජාතන්ත්රවාදයක්ද
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන බවයි. එසේම මෙය ප්රාජාතන්ත්රවාදය දැයි තමන් ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු පවසයි.
TPA විශේෂ රැස්වීමක්
දමිල ප්රගතිශීලී සන්ධානයේ විශේෂ රැස්වීමක් මේ වන විට ආරම්භ කර තිබේ. අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ දෙමළ ප්රගතිශීලී සන්ධානයට මන්ත්‍රීධුර 6ක් හිමි බවයි.
එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් විශේෂ රැස්වීමක්
එක්සත් ජතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට පස්වරු 9.30ට අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ.
තාමත් අගමැති මමයි - රනිල්
තමන් තාමත් අගමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම නීතිවිරෝධී බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිරස රූපවාහිනියට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරයි.
රජයේ ඉදිිරි කටයුතු ගැන සාකච්ඡාවක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රජයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි. මෙහිදී නව කැබිනට් මණ්ඩලය පත්කිරීම පිළිබඳවද මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වෙයි.
තාමත් අගමැති රනිල්මයි - එජාපය
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාව අනුව ඉවත් කළ නොහැකි බවත් එහෙයින් ඔහු අගමැති ලෙස කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මහින්ද අගමැති ලෙස දිවුරුම් දීම නීත්‍යානුකූල නෑ - මංගල
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෙය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් බවයි.
හිටපු ජනපති මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ඉවත් වීමටත් කටයුතු කෙරිණි. ජනපති ලේකම් කාර්යාලයේදි අද සවස මෙම දිවුරුම් දීම සිදුවිය.
popular news
Champa Friday, 26 October 2018 08:26 PM
Wow!!!!!!!!! 2015 අගෝස්තු වෙන්න තිබ්බ දේ අඩු ගානේ අවුරුදු 3ක් ගිහින් හරි වෙලා. මගේ හෘදයාංගම සුභ පැතුම් ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට. දැන් මීට පස්සේ comments ලියන්න ඕනේ වෙන්නේ නැහැ. ආයුබෝවන් හැමෝටම!!!!!! ශ්‍රී ලංකාවට ජය වේවා!!!!!!
Reply : 0 0
සමන් පත්මසිරි Wednesday, 31 October 2018 09:03 PM
හිටපු ජනාධීපති තුමන් වසර 33 පමණ පැවති යුද්ධය නමකරා සේ නව අගමැති ගරැ මහින්ද රාජපක්ෂ මැති තූමා රටෙ ඇති අස්ථාවර භාවය ස්ථීර භාවය ඇති කරල ආර්ථික තත්ත්වය හොද මාවතකට ගෙනවිත් ශ්‍රී ලාංකීය ජනතාවට යහපතක්ම උදා කරදෙන බව විශ්වාසයි සුභ අනාගතයක් නව අගමැති තුමාට ජය වේවා..... ජය වේවා..... ජය වේවා.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd