මන්නාරම, ඕලූතුඩුවායි වෙරළ තීරයේ දී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 999ක් සමග සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වියළි කහ තොගය ගෝනි උර තුළ අසුරා මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
පවතින කොරෝනා අවදානම හේතුවෙන් සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කර තිබේ.