යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.
අදාළ බෝතලය වඩමාරච්චි නැගෙනහිර මුහුදුතීරයට පසුගිය 09 දා සවස මුහුදු රළට හසු වී පාවි පැමිණ තිබූ අතර අනතුරුව එම බෝතලය මත්පැන් බෝතලයක් බව හඳුනාගෙන 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් එය පානය කොට ඇත.
අනතුරුව එක් අයෙකු පානය කිරීමෙන් පසුව අසනීප වී පේදුරුතුඩුව රෝහලට රැගෙනවිත් ඇති අතර ඔහු ඊයේ (10) දින සවස මිය ගොස් ඇත.
කෙසේ වෙතත් අදාල මත්පැන් බවට සැකකෙරෙන බෝතලය පානය කල සෙසු පිරිසට අසනීප තත්වයක් ඇති නොවීම හේතුවෙන් මිය ගිය පුද්ගලයාට ඇති වූ තවත් අසනීප තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට පොලීසිය සැකපළ කර සිටියි.
මිය ගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයක් වෙතට යොමු කොට ඇති බවටත් එහි පරික්ෂණ පැමිණි පසුව මරණයට හේතුව පැවසිය හැකි බවටද පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.