මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය අද (12දා) දින විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවත්, සුළඟේ වේගය ඉහළ යනවිට තාවකාලිකව එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ පිළිබඳ ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, වයඹ පළාත්වලත් මොනරාගල, හම්බන්තොට, දිස්ත්‍රික්කවලත් අද දින සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව නැගෙනහිර, ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, එසේම සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.