කටුනායක ටී.කේ.ජී.කපිල
විදේශීය නැව් වල කාර්යය මණ්ඩලය ලෙස සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් ( Sea Man ) 111 දෙනෙකු රටවල් තුනක සිට ගුවන් යානා තුනකින් 7/30 දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම නාවිකයන් පිරිස අතරින් ඉන්දීය ජාතික නාවිකයන් 77 දෙනෙකු 7/30 දින අලුයම 4.20 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 9034 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙම ගුවන් යානයේ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 06 දෙනෙකු සේවය කරන අතර , 7/30 දින අලුයම 5.40 ට යළිත් මෙම ගුවන් යානය මෙරට රැදී සිටි , සේවය නිමා කළ ඉන්දීය ජාතික නාවිකයන් 10 දෙනෙකු රැගෙන ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළ බලා මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
මීට අමතරව 7/30 දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට සිට තවත් විදේශීය නාවිකයන් 32 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
ඒ සමගම අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් තවත් මුහුදු නාවිකයන් 02 දෙනෙකු 7/30 අලුයම 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි නාවිකයන් සියලු දෙනා එම ගුවන් තොටුපළ වල දී පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය කෙරුණි .