තමාට මුහුණු පොතෙන් අපහාස කිරීමේ සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළව පුද්ගලයන් දෙදෙනෙක් පැහරගෙන ගොස් අමානුෂික ලෙස වදදීම් සම්බන්ධව බලගොල්ල පොලීසිය හා මහනුවර පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
දුෂ්මන්ත නැමැති දේවාලයක් පවත්වාගෙන යන 30 හැවැරිදි පුද්ගලයෙක්, තවත් දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් ඇතුළු පිරිසක් එක්ව මෙම වදදීම් සිදුකර තිබේ.
වදහිංසාවට ලක්වූ පුද්ගලයන් දේවලය පවත්වාගෙන යන 30 හැවැරිදි පුද්ගලයාගේ මිත්රයින් වන අතර ඔවුන්ව තම නිවසට කැඳවා පසුව අම්පිටිය ප්‍ර දේශයට රැගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට ඔවුන්ව ලී කොටවල තබා ඇණ ගසා තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පොල්ගෙල්ල පදිංචි 44 පුද්ගලයෙක් හා කඩුවෙල පදිංචි 39 හැවැරිදි පුද්ගලයෙක් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.
ප්‍රධාන සැකකරු හා සෙසු සැකකරුවන් මේ වන විට අතුරුදන්ව ඇති බවත් මෙම සිදුවීම පසුගිය 25 දා වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.