ජනවාරි 05දා ආරම්භ කළ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කිරීමේ මෙහෙයුම්වලට අදාළව පුද්ගලයන් 2334කගෙන් පුද්ගලයන් 46ක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම පුද්ගලයන් 2334න් 1313ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයටත් පුද්ගලයන් 1021ක් පී.සී.ආර්. පරීක්ෂණයටත් ලක්කර තිබේ.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී පුද්ගලයන් 19කටත් පී.සී.ආර්. පරීක්ෂණවලදී පුද්ගලයන් 27කටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් සෙසු පිරිස් නිරෝධායනටත් යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.