මුහුණු ආවරණ නොපළදින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටත් අදාළව කරනු ලැබූ මෙහෙයුම්වලින් පුද්ගලයන් 14කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙසේ මුහුණු ආවරණ නොපැළද සිටි පුද්ගලයන් 1060ක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් අතරින් පුද්ගලයන් 550කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා තවත් පුද්ගලයන් 510කට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.
මෙසේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂන සිදුකළ පුද්ගලයන් 550ක් අතරින් පුද්ගලයන් 14ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.