මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් සම්බන්ධයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට ගත් තීරණයත් සමගින් කොළඹ නගරයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකර ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකරන බවත් සමීපතමයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බවත් මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.