මහියංගණය, ගැමුණුපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා මහියංගණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහියංගණය පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ, එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත ස්වාමීන් වහන්සේ නමකගේ ළඟම ආශ්‍රිතයින් සෙවීමේ දී අදාළ පුද්ගලයා බාධා ඇති කළ බවය.