මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ලෙස පෙනි සිටිමින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිවාස පහකට ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බැව් වදුරඹ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොහොඹබලාදෙණිය පොද්දල ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි වියේ පසුවන අයෙකි.
මෙකි සැකකරු වදුරඹ පොලිස් බල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින එක් නිවසකට හා පොද්දල ප්‍රදේශයේ නිවාස 04ක ගොස් ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරු අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකට අනුයුක්තව සේවය කරන .දුම්මැෂින් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු බව පොලීසිය පවසයි.
සැකකරු මැදකිඹිය වරකපිටිකන්ද ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින කාන්තාවකගේ නිවසට අත්දිග සුදුකමිසයකින් හා දුඹුරුපැහැති කලිසමකින් සැරසි ගොස් ඇත. තමන් පහළ කිඹිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බවත් අසනිප තත්ත්වයක් තිබෙනවානම් තමන්ට දැනුම් දෙන ලෙස සැකකරු කාන්තාවට ඔහුගේ දුරකථනය අංකය ලබාදි ඇත. පසුව මොහු මෙකි කාන්තාවගේ හැදුනුම්පත ඉල්ලා එය සිය ජංගම දුරකථනයෙන් ඡයාරුපයක් ගෙන ඇති බවද පොලීසිය පවසයි.
පසුව මොහු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාටද දුරකථනයෙන් කථාකොට ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින් සොයා නොලැබිම පිළිබද දොස් පවරා ඇති බවද පොලීසිය පවසයි.
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් කරණු ලැබු පැමිණිල්ලකට අනුව අන් අයෙකු ලෙස පෙනිසිටිමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වදුරඹ පොලිස් ස්ථානාධිපති රුක්මන් කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.