මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ සහාය ද පළ කර බව සංගමයේ ලේකම්, සුරංග දර්ශන මහතා පවසයි.
ලේකම්වරයා මෙසේද පැවසීය,
ඒ අනුව රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්තව රටපුරා සේවය කළ ඩෙංගු මර්දන සහායකයින් 1300ක් පමණ දෙනා , කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීම සඳහා කිසිදු සහායක් නොදෙන බවත් තමන්ට අයත් ඩෙංගු මර්දන කටයුතු වල රාජකාරියේ පමණක් යෙදෙනවා.
පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සහාය වීම, විෂබීජහරණ කටයුතු, ප්‍රජාව දැනුවත් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමග නිරෝධායන කටයුතුවලට සහාය වීම වැනි කාර්යයන් වලින් සහමුලින්ම අපි ඉවත් වෙනවා. ඒ වාගේම කියන්න ඕනි තම සේවය ස්ථිර කර නොමැති පසුබිමක රු 22,000 ක මාසික දීමනාවක් ට මෙම සියලු රාජකාරි ඉටුකළ නමුත් එයට බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් තම සංගමය ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට තීරණය කළ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ජූලි මස 17 වන දින දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරිවලින් ඉවත්ව සිටි.