කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් මරවිල, නාත්තණ්ඩිය සහ වෙන්නප්පුව යන නගරවල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික බැංකු, වෙළඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන දැනුවත් කිරීම අද (18) දින සිදුවිය.
මෙහිදි බැංකුවල පිහිටි ස්වයංක්‍රීය මුදල් ලබා ගන්නා හා තැන්පතු යන්ත්‍ර භාවිත කරන ස්ථාන සඳහා සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් සැකසීමට අදාළ බැංකුවල කළමනාකාර මහතුන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් උපදෙස් ලබා දීම සිදුවිය.
මේ වන විට සියලුම බැංකු පරිශ්‍රයට ඇතුලුවීමට පෙර දෙඅත් සෝදා පිරිසුදු කිරිමට පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බව දක්නට ලැබේ.
සෞඛ්‍යය ආරක්ෂිත වැඩපිළිවෙලවල් අනුගමනය නොකරන වෙළඳසැල් හිමියන්ව දැනුවත් කිරීම්ද මෙහිදී සෞඛ්‍යය පරීක්ෂණ නිලධාරීන් විසින් සිදුකෙරිණි.