හොංකොං හි සිටින වෛරසවේදී මහාචාර්ය මලික් පීරිස් මහතා විසින් ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව පැවැසූ බවට හැඟවෙන ආකාරයෙන් සකස් කළ ව්‍යාජ හඬපටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සෞඛ්‍ය අංශ මගින් මෙරට කොවිඩ් රෝගය මර්දනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව ව්‍යාජ පුවතක් නිර්මාණය වන ආකාරයට එම හඬ පටය නිකුත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට මහාචාර්යවරයා කරන ලද පැමිණිල්ලක් අනුව
ඉදිරියේදී එම පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.