මහකුඹුක්කඩවල නාකැලේ රක්ෂීතයේ (15) සවස හදිසි ගිනි ගැනිමකින් අක්කර 35 කට ආසන්න භුමියක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
ආණමඩුව අඩවියට අයත් නාකැලේ රජයේ රක්ෂීතය මහකුඹුක්කඩවල ප්රාදේශීය ලේකම් කොඨඨාශයට අයත් අක්කර 200 කින් සමන්විත ස්භාවික වනාන්තරයක් වෙයි .
15 දින දහවල් කිසිවකු විසින් මෙම රක්ෂීතය ආසන්නයේ පිහිටි කුඹුරු යායට ගිනි තැබිමේන් පසුව නාකැලේ රක්ෂීතයට ගින්න පැතිරි ගොස් ඇති බව කියයි.
ගින්න පැතිරි යාමත් සමග පුත්තලම තබ්බෝව 143 වන බළ සේනාවේ යුධ හමුදා සෙබළුන් හා නිළධාරින් සමග ප්රදේශ වාසින් එක්ව සවස් වන විට ගින්න සම්පුර්ණයෙන් නිවා දැමිමට කටයුතු කර තිබුනී.