මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 6 වැනිදා රාත්‍රී 8.00ට පමණ පෙරාතුව නිකුත් කිරීමට හැකි වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මොණරාගල පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහදස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මනාප ගණන් කිරීමට වැඩි වේලාවක් ගතවන බැවින් ඒ ඒ පක්ෂයෙන් පත්වන මන්ත්‍රීන් සඳහන් කිරීමට වැඩි වේලාවක් ගතවෙනු ඇති බවත් ඔහු පැවැසීය.