මහ මැතිවරණය 2020 වෙනුවෙන් මෙරට දේශපාලඥයන් ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 111ට වැඩි මුදලක් (රුපියල් 111,127,552) වියදම් කරමින් දැන්වීම් 33,610ක් පළ කර ඇති බව ෆේස්බුක් සඳහන් කරයි.
ඒ අනුව පසුගිය මැයි මාසයේ සිය පසුගිය 06 වැනිදා (අගෝස්තු 06 වැනිදා) දක්වා ෆේස්බුක් සමාජ ජාලය තුළ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ නමින් පමණක් ප්‍රසිද්ධ කර තිබූ දැන්වීම් සඳහා පමණක් මෙම මුදල වියදම් වී ඇත.
ඒ අනුව ෆේස්බුක් සමාජ ජාලය තුළ වැඩිම මුදලක් වියදම් කරමින් දැන්වීම් පළ කර ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතා වන අතර, ඔහු දැන්වීම් 124ක් පළ කිරීම සඳහා රුපියල් 4,086,556ක් (ඩොලර් 21,737) ගෙවා තිබේ.
මීළඟට වැඩිම මුදලක් වියදම් කර ඇති සුනේත්ර සමරකෝන් මහත්මිය වන අතර, රුපියල් 3,696,644ක් (ඩොලර් 19663) වැය කර, දැන්වීම් 412ක් පළ කර තිබේ.
තෙවනියට වැඩිම මුදලක වැය කරමින් අංගජන් රාමනාදන් මහතා දැන්වීම් පළ කර ඇති අතර, ඔහු රුපියල් 3,065,528 (ඩොලර් 16306) වැය කර දැන්වීම් 273ක් පළ කර ඇත.
එමෙන්ම මීළඟට පිළිවෙළින් වෙරෝන් ගුණරත්න මහතා දැන්වීම් 792ක් සඳහා රුපියල් 3,043,908ක් (ඩොලර් 16191ක්) කණිෂ්ක සේනානායක මහතා දැන්වීම් 1,250ක් සඳහා රුපියල් 2,801,952 (ඩොලර් 14904) ක්ද වියදම් කර තිබේ.
එසේම හර්ෂ ද සිල්වා මහතා දැන්වීම් 191ක් සඳහා රුපියල් 2,071,572 (ඩොලර් 11 019) ක්ද, විජේදාස රාජපක්ෂ මහතා දැන්වීම් 319ක් සඳහා රුපියල් 1,939,220 (ඩොලර් 10315) ක්, තිලංග සුමතිපාල මහතා දැන්වීම් 319ක් සඳහා රුපියල් 1,515,844 (ඩොලර් 8063) ද වියදම් කර ඇත.
එස්.එම්. මරික්කාර් මහතා දැන්වීම් 109ක් සඳහා රුපියල් 1,439,704(ඩොලර් 7658) ක්, මධුර විතානගේ මහතා දැන්වීම් 94ක් සඳහා රුපියල් 1,424,852 (ඩොලර් 7579) ක්ද වියදම් කර තිබේ.
ෆේස්බුක් සමාජ ජාලය තුළ තමන්ගේ නමින් දැන්වීම් පළ කිරීම සඳහා වැඩිම මුදලක් ගෙවා ඇති දේශාපලනඥයන් 10 දෙනා එසේ වන අතර, තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම ස්වාධීන කණ්ඩායම් මගින් ඉදිරිපත් වන දේශපාලනඥයන්ද විශාල ප්‍රමාණයක් මේ ආකාරයට ෆේස්බුක් තුළ දැන්වීම් පළ කර තිබේ.
එසේම මෙම මුල් 10 දෙනා අතරින් ජයග්‍රහණය කර ඇත්තේ 06 දෙනෙකු පමණක් වන අතර, එයින් 05 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලනඥයන් වීම විශේෂත්වයකි.
ෆේස්බුක් සමාජ ජාලය තුළ දේශපාලනඥයන්ගේ නමින් පළ කරන දැන්වීම් සඳහා පමණක් වියදම් කළ මුදල් ප්‍රමාණය %ඇඩ් ලයිබ්‍රරි^ මගින් සඳහන් කරන අතර, අනිකුත් ගිණුම් ඔස්සේ පළ කරන දැන්වීම් වෙනුවෙන් අය කළ මුදල් පිළිබඳ සඳහන් නොකරයි.
මේ අතර මහ මැතිවරණයට අදාළ පැය 48ක නිහඬ කාලය තුළ දැන්වීම් පළ කිරීම තහනම් වුවද දේශපාලනඥයන්ගේ ෆේස්බුක් ගිණුම් තුළින් සහ අනිකුත් විවිධ ගිණුම් ඔස්සේ අති විශාල වශයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ ප්‍රචාරණ කටයුතු සිදුකෙරිණි.
එසේ වුවද මෙම කටයුතු නතර කිරීමට ශ්‍රී ලංකාව තුළ නීතිරීති නොමැතිකම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවටද ඒවා වැළැක්වීමට හැකියාවක් නොමැති බවද මැතිවරණය නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙයි.
ඒ අනුව බලන කළ ෆේස්බුක් දැන්වීම් සඳහා විවිධාකාරයෙන් ඉතා විශාල මුදල්ක් මෙරට දේශපාලනඥයෝ වියදම් කර ඇති බවද අනාවරණය වී ඇත.
මේ අතර මැතිවරණ අපේක්ෂකයන් වියදම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, මෙවර මැතිවරණයේදී එම මධ්‍යස්ථානය අනාවරණය කර ගෙන ඇති, අපේක්ෂකයන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණය 30෴ක් පමණ වන බවයි.
ඒ ඔවුන් තවත් විශාල මුදල් ප්‍රමාණයක් මැතිවරණය වෙනුවෙන් වියදම් කර ඇති බව තම සංවිධානය විශ්වාස කරන බවද මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
දේශපාලඥයන් මැතිවරණ ව්‍යාපාරය සඳහා අසීමිතව මුදල් වියදම් කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීම වැදගත් යැයිද හෙතෙම පෙන්වාදෙයි.