මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීම ගැන මැතිවරණ කොමිසම හා නිරීක්ෂණ සංවිධාන අතර අද සාකච්ඡාවක්
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කෝවිඩ් - 19 වෛරස් තත්ත්වයෙන් සියලු දෙනා ආරක්ෂා කර ගනිමින් සිදුකරන ආකාරය පිළිබඳ අද (15දා) මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා තවත් පාර්ශ්ව කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීමේදී සියලුම දෙනා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.
මූලික සාකච්ඡාවක් ලෙස අද දිනයේදී මේ පිළිබඳ සාකච්ඡා කර පසුව තවත් පාර්ශ්ව සමග සාකච්ඡා කර විධිමත් ක්‍රම‘වේදයක් සකස් කිරීමට නියමිතය.

popular news
-
Don Friday, 15 May 2020 09:39 AM
මැතිවරණ කොමිසමට අංක ගණිතය හොඳට තේරෙනවා.අප්‍රියෙල් 20 දා මැතිවරණ දිනය ප්‍රකාශ කරනවිට COVID රෝගීන් ගණන 268 යි.දින 25 කදී අදට 925 යි.දිනකට සාමාන්‍යයෙන් 24 කට අධික ගනනක් ගොදුරුවෙලා.තවත් දිනෙන් දින වැඩිවීම පරීක්ෂණ අඩුවෙන්ම පවත්වා ගනිමින් පාලනය කරනවා.මහා මැතිවරණයකට ගිහිල්ල මුළු රටම අගාධයකට තල්ලු වෙන බව ස්ථීරයි.හඳහන් බලන්න ඕන නැහැ සාමාන්‍ය අංක ගණිතය දැනුම ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

