මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ෆෙස්බුක් සමාජ ජාලය තුළ මේවනවිට මෙරට දේශපාලඥයින්ගේ ප්‍රචාරණය වෙනුවෙන් රුපියල් මිලියන 80 ට වැඩි මුදලක් (ඩොලර් 436739) වියදම්කර ඇති බව ෆේස්බුක් සමාගමේ වාර්තා මගින් පෙන්වා දී තිබේ.
මැතිවරණය ප්‍රචාරණ කටයුතු අවසන් වූ පෙරේදා (02දා) දිනය වන විට ෆේස්බුක් සමාජ ජාලය තුළ දේශපාලනඥයන්ගේ නමින් ප්‍රසිද්ධ කර තිබූ දැන්වීම් ප්‍රමාණය 26,710 ක් වූ අතර ඒ වෙනුවෙන් රුපියල් 80,796,715 ක් මුදලක් ෆේස්බුක් සමාගම වෙත ගෙවා ඇති බව එම සමාගම නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් මගින් ඉදිරිපත් වන දේශපාලඥයින් ද මේ ආකාරයට ෆේස්බුක් තුළ දැන්වීම් පළ කර තිබේ. සාම්ප්‍රදායිකව වැඩිවශයෙන් මුදල් වියදම් කරන දේශපාලඥයින් පිරිසම සමාජ මාධ්‍ය තුළ ද ප්‍රචාරණ කටයුතු සිදුකරන බව මේවනවිට නිරීක්ෂණය වී ඇත.
මහමැතිවරණයට අදාළ පැය 48 ක නිහඩ කාලය මේවනවිට ආරම්භ වී ඇති අතර මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ ප්‍රචාරණ කටයුතු සිදුකිරන් ආකාරය නිරීක්ෂණය වේ. මැතිවරණය නිරීක්ෂණ සංවිධානය විසින් මේ පිළිබඳව මැතිවරණය කොමිෂන් සභාවට ද දැනුම්දී තිබේ .