එළඹෙන මහ මැතිවරණයට අදාලව නාමයෝජනා භාරගැනීමේ කටයුතු හෙට (12) දිනෙන් ආරම්භ වීමට නියමිත අතර නාම යෝජනා භාරගැනීම් සියළු දිස්ත්රික් ලේකම් කාර්යාලවල එළඹෙන 19 වනදා දක්වා ක්රියාත්මක වෙයි.
මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු මෙම මස 18 වන දින දහවල් 12.00 දක්වා සිදු වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
පිළිගත් දේශපාලන පක්ෂ ඇප තැන්පත් කිරීමක් සිදු නොකෙරෙන අතර ස්වාධීන කණ්ඩායම් සදහා පමණක් ඇප තැන්පත් කිරීම සිදු කෙරෙයි.
ඒ අනුව මේ වන විට ස්වාධීන කණ්ඩායම් 24 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.