එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් විසින් වර්ජනය කර තිබේ.
අද පස්වරුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්රධානත්නයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා බොහෝ පිරිසක් සහභාගී නොතිබුණි.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමෙන් අනතුරුව අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පක්ෂයේ සමගිය වෙනුවෙන් තමන් මහ ලේකම් ධුරය අත්හැරීමට අදාළ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් බවයි.
“මේක කොහෙන්හරි ඉවර වෙන්න ඕන. කවුරු හරි මේකට බිලිවෙන්න ඕන. මහලේකම් ධුරය දරණ කෙනා ඉවත් වෙන්න තීරණය කර තිබෙනවානම් ඕනෑම කෙනෙක් පත්කරන්න අයිතිය තිබෙනවා.” යැයි අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
මෙහිදි ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
එසේම එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ.
ඉදිරි මැතිවරණය සඳහා ගෙඩ නගන සන්ධානය දුරකතනය ලකුණින් තරග කළ යුතු බවට යෝජනාවක් පැමිණියත් එම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ වී නොමැත.
“ටෙලිෆෝන් එකෙන් තරග කරනවානම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ නැත්නම් මම මෙවර මැතිවරණයට ඉල්ලන්නේ නෑ” යැයිද හිටපු මන්ත්‍රීවරයා පැවැසීය.