ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික්කය සදහා නාම යොජනා භාරදීම කණ්ඩායම් නායක අද (17දා) කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මංත්‍රි ලාල් කාන්ත මහතාගේ ප්‍රධානතවයෙන් මහනුවර දිසපති කාර්යාලයේ දී සිදුවිය.
ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දක්විමන් ඔහු සඳහන් කළේ තමන්ගේ අභිලාසය වන්නෙමහ මැතිවරණය කල් දැමිය යුතු බවයි. රට තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගත යුතු බව ඔහු සඳහන් කළේය.
“මෙම මැතිවරණය නිසි කලට තිබ්බා නම් තිබිය යුත්තේ නොවැම්බර් මාසයේ දියි. නමුත් ජනාධිපතිවරයාගේ උවමනාව මත මෙම මැතිවරණය කැඳවා තිබෙනවා. මේ අවස්ථාවේදි රටේ පවතින තත්වය මත කල් දැමිම සුදුසුයි”