2020 මාර්තු මස 19 වන දින නාමයෝජනා කැඳවා අවසන් වූ මහමැතිවරණය රටේ මේ වන විට පවතින කෝරෝනා වෛරස් තත්වය මත පැවැත්වීම සාධාරණ නොවන බවත් එය කල් දමන ලෙසත් ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරායට ලිපියක් යොමුකර තිබේ.
උපුටා ගැනීම
'සමාජයේ සියලු කාර්යයන් යථාතත්වයට පත් වී නොමැති මෙම අවස්ථාවේ මහමැතිවරණය පැවැත්වීම මගින් මෙරට ඡන්දදායයින්ට හා අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බැවින් උක්ත මැතිවරණය නොපවත්වන ලෙස අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 93 වගන්තිය කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරන අතර රටතුළ පවතින වර්තමාන වාතාවරණය තුළ මහමැතිවරණය පැවැත්වීමට ඔබ කොමිසම තීරණය කලහොත් ජනතාවෙග් අයිතිවාසිකම් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද දන්වමු.
93 වගන්තිය
ජනරජයේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීම සදහාද ජණමතවිචාරණවල දී ද ඡන්දයදීම, නිදහස්ව ද, සමානව ද , රහසේ ද වියයුත්තේය.'