නව කොරෝනා වෛරසය මැඬපැවැත්වීම සඳහා වූ එන්නතක් ප්‍රමාණවත් පරීක්ෂණයන්ට හා නිරීක්ෂණයන්ට භාජනය වී, එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සනාථ කරන තුරු ලොව පුරා ව්‍යාප්ත වීම සඳහා කිසිදු එන්නතක් අනුමත නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය අවධාරණය කරයි.
"නියාමකයින් විශ්වාස කරන තුරු, රජයන් විශ්වාස කරන තුරු, ඒ වගේම එම එන්නත අවම ආරක්ෂිත ප්‍රමිතියක් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන තුරු කිසිදු එන්නතක් විශාල වශයෙන් යෙදවීමට යන්නේ නැහැ." ජිනීවාහි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් වැඩිදුරටත් පැවසුවාය.