මහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජයරුපියල්මිලියන හයදහස් එකසියකට අධික මුදලක් වෙන් කිරීමට නියමිත බව කෘෂිකර්මඅමාත්ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.
මේ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 38කටසහ සම්බා වී කිලෝවක් රුපියල් 41කටමිලදී ගැනීමට රජය තීරණයකරතිබේ.
මෙම මුදලට එක් ගොවියෙකුගෙන් වී කිලෝ දෙදහසක් දක්වා මිලදී ගැනීමටදරජය තීරණයකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.
ගොවීන්ගේ පහසුවසඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී වියළීම සඳහා යන්ත්‍ර ස්ථාපිත කිරීමටදසැලසුම් කර තිබේ.
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම පිළිබඳ ඊයේ (23දා) කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශුසම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර හාජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණයකළේය.
රජය මිලදී ගන්නා වී ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් විධිමත් ලෙස ඉහළ දැමීමටදඅමාත්යවරයා තීරණයකර තිබේ.