කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මරණ භූමිදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස රජයට බල කරමින් තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් අකුරණ නගරයේදී අද 25 වනදා සවස විරෝධතාවයක් පැවැත්විණ.
මෙම විරෝධතාවයට එක්ව සිටි තරුණ පිරිස් ප්රකාශ කළේ් , කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මරණ භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසයි.
මෙහිදි ඔවුහූ ආදාහනයට විරෝධය දක්වමින් සුදු රෙදි කැබලි ගැට ගැසීමද සිදු කරනු ලැබූ අතර විරෝධතාවයට එක් වූ බොහෝ තරුණ පිරිස් සිය අත්වලද සුදු රෙදි කැබලි බැඳ ගෙන සිටිනු දක්නට ලැබිණ
මෙම විරෝධතාවයට සමගාමිව අකුරණ නගරයේ ඇතැම් ස්ථානවල සුදු කොඩිද ප්රදර්ශණය කර තිබිණ.
මහනුවර මොහොමඩ් ආසික්